“වැව් දහසක්‍- ගම් දහසක්” ජාතික වැඩසටහන ජූලි 12වනදා ඇර‍ඹේ

(කොළඹ, ලංකාපුවත්) –වැව් ආශ්‍රිත ගම්මාන දහසක් සංවර්ධනය කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සැලසුම් කොට ඇති “වැව් දහසක්‍ – ගම් දහසක්” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජූලි මස 12 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම වැඩසටහන යටතේ සෑම සතියකම එක් වැව් ගම්මානය බැගින් සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශයේ ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

“වැව් දහසක්‍ – ගම් දහසක්” ජාතික වැඩසටහන වසර 03කින් අවසන් කිරීමට කළින් සැලසුම් කොට තිබුණි. නමුත් එය හැකි ඉක්මනින් අවසන් කොට එම ගම් සංඛ්‍යාව ගම් 1500 දක්වා වැඩි කිරිමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

මේ හැර කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ගම්මානය බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍ර දේශයේ පිහිටුවා ඇත. නවිණ තාක්ෂණය මෙන්ම පාරම්පරික වගා ක්‍රම උපයෝගී කරගෙන මෙහි වගා කටයුතු සිදු කෙරේ. ඉදිරියේදී මෙවැන් ගම්මාන 20ක් දිවයින පුරා ආරම්භ කිරීමට යන බවද ඒ මහතා පැවසීය.

පසුගියදා පානදුරයෙන් ආරම්භ කළ කොස් පැළ දසලක්ෂයක් සිටුවීමේ වැඩසටහන සහ ගෙවතු ලක්ෂයක් වගා කිරිමේ වැඩසටහනද සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර ඒවායේ ප්‍රගතිය පරික්ෂා කිරීම සදහා කෘෂිකර්ම නිලධාරින් පත් කර තිබෙන බවද ඇමතිවරයා කිය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී. විජේරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *