විශිෂ්ට මාධ්‍යවේදීන් 54 කට ජනාධිපති සම්මාන

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදින් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිම ස ඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට පැවැත්වීමට යන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විශිෂ්ට මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන පිරිනැමෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා පවසයි.

මේ සඳහා 2017 ජනවාරි 01 දා සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිංහල,දෙමළ,ඉංග්‍රිසි පුවත්පත්,ගුවන්විදුලි, රූපවාහිණි සහ සමාජ මාධ්‍ය මඟින් පළකොට ඇති සුවිශේෂි වාර්තා විශේෂාංග හා වැඩසටහන් ඉදිරිපත් කළ හැකි බවත් ඒ අතරින් විශේෂ ජුරි සභා 4ක් මඟින් තෝරාගෙනු ලබන නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කෙරෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම නිමිත්තෙන් අද (06) පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා පැවසී ය.

මෙයට අමතරව මාධ්‍ය කලාවට විශිෂ්ට සේවාවක් කළ මාධ්‍යවේදින් 4 දෙනෙකුට ජිවිතයේ එක්වරක් පමණක් හිමි වන සම්මාන ද පිරිනැමේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දි වාර්ෂික ව මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්විමට තිරණය කොට ඇති බව ද අමාත්‍යවරයා පැවසිය. මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන සඳහා ඕනැම මාධ්‍යවේදීයකුට තම නිර්මාණ ඉදිරිපත් කළ හැක. ඒ හැර ඕනැ ම කෙනෙකුට තමන් කැමති මාධ්‍යවේදියෙකු නම් කොට එවීමට ද පුළුවන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදි ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2018 වෙබ් අඩවිය ද ඇමති මංගල සමරවිර මහතා විසින් විවාත කරන ලදි. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය වන එරාන් වික්‍රමරත්න ,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා ස්වාධීන රූපවාහිනියේ සභාපතිනි තිලකා ජයසුන්දර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමණි ගුණවර්ධන යන මහත්ම මහත්මිහු ද මාධ්‍ය ආයතනවල ප්‍රධානිහු ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *