අතරමංව සිටි සෝමාලියා ධීවරයින් පිරිසක් නාවික හමුදාව බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) –මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙක් බේරා ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව සමත්විය.

ගාලු ප‍්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ දි ඔවුන් බේරාගත් බව නාවික හමුදාව සදහන් කළේය. ඒ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දිමකට අනුව ය.

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් මෙම පිරිස බේරා ගෙන ඇත.

එම පිරිසට නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු ගාලු වරාය වෙත රැගෙන විත් තිබේ. අනතුරුව ඔවුන් ගාල්ල පොලිසිය වෙත භාර දිමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *