චීන සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – චීන සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසය තුළ පමණක් සියයට 18.7කින් ඉහළ ගොස් තිබේ.

පෙර වසරේ ජුනි මාසය හා සැසදීමේදී මෙරටට පැමිණි චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 3000කින් පමණ ඉහළ ගොස් ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර 2018 පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය පසුගිය 2017 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3% ක ඉහළ යාමකි.

මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර 2017 ජූනි මාසය හා සැසඳීමේ දී එය 19% ක වැඩි වීමකි.

2018 ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි එටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය සටහන් වේ. එහිදී 2017 ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් 18.4% කින්, චීන සංචාරකයින් 18.7% කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 16.1% කින් ඉහළ ගොස් ඇත.

ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *