අගමැති ජගත් පුරවර සමුළුව අද අමතයි

(කොළඹ, ලංකාපුවත්) – 06 වන “ජගත් පුරවර සමුළුව” අද(09) සිංගප්පූරුවේදී පැවැත්වේ.

“නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන්න මෙවර සමුළුවේ තේමාව වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පැවැත්විමට නියමිතය.

සමුළුවට සමගාමීව ජාත්‍යන්තර “ජල සති” සැමරුමට සහ “පිවිතුරු පරිසර” සමුළුවට ද අගමැතිතුමා සහභාගීවීමට නියමිතය.

මනා පරිපාලනය සහ සැලසුම්කරණය, තාක්ෂණය සහ සමාජීය නව නියපැයුම් මෙන්ම, අනෙකුත් නගර සහ කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනැගීම තුළින් ජීවත්වීමට සුදුසු නගර නිර්මාණය කිරීම පිළිබඳව සමුළුවේ දී අවධානය යොමුවනු ඇත.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වීම සදහා ඊයේ(08) දිවයිනෙන් පිටත්ව ගියේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙලේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන්ය.

මෙම සංචාරය සඳහා රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන අය ද සහභාගී වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *