(කොළඹ, ලංකාපුවත්) –අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගෙම සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
අම්පාර රෝහලේ මෘත ශරිරාගාරයේ එම සිරුරු මේවන විට තබා ඇති අතර අද(09) දින පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ,
විදුහල්පති , ඩි.එව්. අමරසුරිය වයස අවුරුදු 53යි ලිපිනය – බෝගස්පිටිය බදුල්ල.
ශිෂ්‍යා ,තාරුක විදර්ශන වයස අවුරුදු 13යි ලිපිනය – ඉඹුල්යගොඩ බදුල්ල.
ගුරුවරයා, යු.කේ චන්දිම වයස අවුරුදු 43යි ලිපිනය කලුගල්ල පාර බදුල්ල.
මුරකරු ,ආර්.එම්. විපුල බණ්ඩාර වයස අවුරුදු 31යි ලිපිනය මයිලගස්තැන්න බදුල්ල.
මොවුන් බදුල්ල, කඳන සිරිසීවලි විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් වන අතර ඊයේ (08)දමන ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත ඇත. මෙම සිව්දෙනා සහ තවත් පස් දෙනෙකු ඔරුවක නැගී එක්ගල්ඔයේ ගමන් කර සිටියදී ඊයේ උදෑසන ඔරුව පෙරළි මෙම පිරිස අනතුරට ලක්ව තිබුණි.