ගායන ශිල්පිනි ප්‍රියානිගේ ඝාතනයේ සැකකරු සොයා පුළුල් පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව ඇය සහ ඇයගේ සැමියා අතර වසරක පමණ කාලයක සිට නිරන්තරයෙන් ගැටුම්කාරී තත්වයක් පැවති බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන ඇත.

පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ ඇය ජීවත් වූ නිවසේදී ඊයේ (08) රාත‍්‍රී 08.45ට පමණ ඇයගේ සැමියා විසින් කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර තිබුණි. ඝාතනයට ලක්වන විට ප‍්‍රියානි ජයසිංහ මහත්මිය 51 හැවිරිදි වියේ පසු වූ අතර ඇය දෙදරු මවකි.

ඝාතනය සිදු කළ බව කියන ඇයගේ සැමියා ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසීය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

‘කඳුල නිවන්නම්’, ‘සුන්දර හදකට දී පෙම් වරම්’, ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනය කරන ප්‍රියානි ජයසිංහ විසින් ගායනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *