ප්‍රියානි ජයසිංහගේ සැමියා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරිමේ සිද්ධියට සැකකාර ඇයගේ සැමියා පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ ඝාතනය කොට තිබුණි.පොලිසිය සැකකරුනු ලබන්නේ ඇයගේ සැමියා විසින් කතුරකින් ඇණ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

සිද්ධියෙන් පසුව ස්වාමි පුරුෂයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් සිටියේය.

දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවත් මෙම ඝාතනයට එය හේතු වන්නට ඇති බවත් පොලිසිය සැක පළකර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 5 =