බේරාගත් ළමුන් සිව් දෙනා යහපත් තත්ත්වයේ – මෙහෙයුම් මදකට නවතයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ ලෙනක සිරවී සිටි ළමුන්ගෙන් බේරාගත් සිව් දෙනා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව බලධාරීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුහාවේ සිරවී සිටින අනෙක් පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් අද යළි ආරම්භ කෙරේ. සිව් දෙනෙකු බේරා ගැනුණේ ඊයේ ආරම්භ කළ මෙහෙයුමක දී ය.

එය තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇත්තේ ලෙන අභ්‍යන්තරයේ ඔක්සිජන මට්ටම ඉහළ යන තෙක්, නැවත එය සිදු කිරීම අනතුරුදායක බැවිනි.

මෙහෙයුම් එරට වේලාවෙන් අද උදෑසන ආරම්භ කිරීමට නියමිත ය. මෙහෙයුමේ මූලික අදියර බලාපොරොත්තු වූවාට වඩා පහසුවූ බව කිමිදුම්කරුවන් සදහන් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 20 =