ආපදා කළමනාකරණ වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ යෝජනාව උලම්බටාර් සමුළුවේදී සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක් පිහිටුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා ආසියානු කලාපීය ආපදා කළමනාකරණ සමුළුව ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ.

මොංගෝලියාවේ උලම්බටාර් අගනුවරදී දින 4ක් පුරා පැවැති එම සමුළුව පසුගියදා (08) නිමාවට පත්විය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම සමුළුව නියෝජනය කළේ වාරිමාර්ග, ජල කලමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා යි.

ඒ අනුව අදාල ආසියානු බලකාය Asian Emergency Responce Task Force ලෙස පිහිටුවීමට යෝජනා කළ බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආපදා ඇතිවීම හා දේශගුණික විපර්යාස සමස්ථ ආසියානු කලාපයටම පොදු වූ බරපතල ගැටළුවක් බවත්, එම තත්ත්වයන්ට ආසියාවේ රටවල් වෙන් වෙන් වශයෙන් මුහුණ දීමට වඩා සියළු රටවල් එක්ව සහයෝගයෙන් කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා සමුළුව අමතමින් පෙනවා දුන්නේය. එබැවින් ඒ වෙනුවෙන් ආසියාවට පමණක් වෙන්වූ විශේෂ බලකායක් පිහිටුවිය යුතු බවටයි අමාත්‍යවරයා යොජනා කර සිටියේය.

එමෙන්ම සමුළුවේදී ඉදිරිපත් වූ වැදගත්ම යෝජනාවක් ලෙසද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ඇගයීමට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *