පිටකොටුවේ වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රීවරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව ආදිවල් වීදියට ආසන්නයේ අද (09)උදෑසන 07.45ට පමණ සිදුවු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක් මිය ගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි අයෙක් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර සිද්ධියෙන් මන්ත්‍රීයවරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මීය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ක‍්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් හෙවත් ක‍්‍රිෂ්ණා නැමැති මෙම මන්ත‍්‍රීවරයා කොළඹ මහ නගර සභාවට තේරීපත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමකිනි.

පිටකොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *