HIV වෛරසයට එරෙහි එන්නතක්

(කොළඹ, ලංකාපුවත්) –මාරාන්තික එච්අයිවී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත. හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එන්නත සොයාගැනීමට සමත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉම්බොකොඩෝ නමින් නම් කර ඇති මෙම එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නකි.

වදුරන් යොදාගනිමින් සිදු කළ පරික්ෂණයකදී වදුරන් තුනෙන් දෙකකට එච්අයිවී වෛරසය පරාජය කිරීමට හැකි වී තිබෙන බව සදහන් ය.

එසේම එච්අයිවී ආසාදිත කාන්තාවන් 2600 කට එන්නත ලබා දී තිබේ. එහි ප්‍රතිඵල වසර 2021 දී දැක ගත හැකි බව විද්‍යාඥයින් පවසා ඇත.

ලොව පුරා එච්අයිවී ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 37කි. එසේම සෑම වසරකම මිලියන 1.8ක පිරිසක් මෙම ලැයිස්තුවට අලුතින් රෝගීන් ලෙස එක්වේ.

මෙම අධ්‍යයනය මෙහෙයවන විද්‍යාඥයන්ට අනුව මෙම වත්මන් පරීක්ෂාව වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =