ධීවරයන් 07ක් සමග අතුරුදන්වූ යාත්‍රාව මාලදිවයින් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇතුරුදන්වූ ධීවරයින් හත් දෙනෙකු රැගත් ධීවර නෞකාව මාලදිවයින් මුහුදු තීරයේ දී අද(01) හමුව තිබේ.

පසුගිය මස 14 වැනිදා මෙම යාත්‍රාව ධීවර කටයුතු සදහා පිටත්වූ අතර 29 වැනිදා සිට ධීවර යාත්‍රාව සමග සම්බන්ධතාවක් නොමැති බවව, ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ධීවර අමාත්‍යාංශයට දැනුම් දී තිබුණි.

ඒ අනූව නාවික යාත්‍රා, ඉන්දීය හෙලිකොප්ටර් යානයක් සහ මාලදිවයිනේ වෙරළාරක්ෂක හමුදාව ද ධීවර යාත්‍රාව සොයා සෝදිසි මෙහෙයුම් දියක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *