පරීක්ෂණයකට පැමිණි පොලිස්සැරයන්ව, හිමිනමක් ගෙල මිරිකා ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – රත්නපුර – ගල්ලැන්ද ශ්‍රී සම්බුද්ධාරාම විහාරයේ හිමි නමක් විසින් අද දහවල් පරීක්ෂණයකට පැමිණි රත්නපුර පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු ගෙල මිරිකා ඝාතනය කර තිබේ.

මෙම විහාරස්ථානයේ තනිව වාසය කළ කෝන්වලානේ ධම්මසාර හිමියන්ට එරෙහිව මේ වන විට නඩු පහක් ගොනුකර ඇති බව පොලීසිය පවසයි.

එම එක් නඩුවක වරෙන්තු දැන්වීමක් ලබා දීම සඳහා පොලිස් සැරයන් සමරවික්‍රම (53) මහතා අද පෙරවරුවේ විහාරස්ථානයේ වෙත ගොස් ඇත. එහිදී, කෝන්වලානේ ධම්මසාර හිමියන් විසින් පොලිස් සැරයන්වරයාගේ ගෙල මිරිකා පිහියෙන් ඇණීම සිදුකර ඇති බව පොලීසිය සදහන් කළේය.

පොලිස් සැරයන්වරයාගේ කෑගැසීම මත අසල්වාසීන් පැමිණෙන විට මෙම හිමිනම එම ස්ථානයේ සිටි බව වාර්තා වේ. අසල්වාසීන් පොලිස් සැරයන්වරයාව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දී තිබේ.

සැරයන්වරයා මියගොස් ඇත්තේ රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − nine =