පිටකොටුවේ හා ජම්පටාවීදියේ වෙඩි තැබීම් ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් කීපයක්

(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුවේ සහ ජම්පටාවීදියේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ(09) උදෑසන පිටකොටුවේ සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පෙරේදා රාත්‍රියේ ජම්පටාවීදියේ සිදුවූ වෙඩිතැබීමකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත් විය.

අදාළ ඝාතනයන් කාලයක සිට පැවති ආරවුල් මත සිදුව ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වි ඇත.

පිටකොටුවේ දී ඝාතනයට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දෙවරක් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + twenty =