වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලේ පවතින මිලට වඩා රු. 5000ක් අඩුවෙන්

(කොළඹ, ලංකාපුවත්) – ලබන මාසයේ සිට වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලේ පවතින මිලට වඩා රුපියල් පන්දහසක් අඩුවෙන් ලබා දෙන බව ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කෙරුණි.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනතාවට අඩු මිලට වැලි ලබා දීමේ කටයුතු ගම්පහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ දිස්ත්‍රික් කාර්යාලය මගින් ආරම්භ කිරීමට නියමිතය.

අදාල සාකච්ඡාවෙන් අනතුරුව කාර්යාංශ භූමියේ වැලි තොග ගබඩා කළ ස්ථානය නිරීක්ෂණයට ද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සභාපතිවරයා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *