FIFA පළමු අවසන් පුර්ව තරගය අද

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2018 ෆිෆා පාපන්දු ලෝක කුසලානේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය හා බෙල්ජියම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) රාත්‍රී 11.30 ට සෙන්ට්‌ පීටර්ස්‌බර්ග් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.

රතු යක්ෂයන් නමින් විරුදාවලිය ලත් බෙල්ජියම අද තරගයේදී ප්‍රංශයේ ලෙස් බ්ලූස් කණ්ඩායම බිමට සමතලා කිරීමට බලා සිටින අතර සිය දෙවැනි පාපන්දු ලෝක කුසලානය හඹා යන ගමනේ බෙල්ජියමේ බාධකය කඩා බිඳ දැමීමට ප්‍රංශය කුරුමානම් අල්ලමින් සිටී.

19 හැවිරිදි විශිෂ්ට ක්‍රීඩක කයිලාන් බපේට අද තරගයේදී ප්‍රංශයේ වැඩි බරක් කරපින්නා ගැනීමට සිදුවී ඇති අතර බෙල්ජියම ඉහළට ඔසවා තැබීමේ වගකීම පැවැරී ඇත්තේ තරගාවලියේ මෙතෙක් බෙල්ජියම වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ රොමේලු ලුකාකුටය.

2006 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ගෝල 2-0කින් උරුගුවේ පිල පරාජය කරමිනි. පස් වතාවක් ලෝක පාපන්දු කිරුළ දිනාගත් බ්‍රසීලය ගෝල 2-1කින් පරදවා අවසන් පූර්ව වටයට බෙල්ජියම සුදුසුකම් ලැබුවේ වසර 32කට පසුවය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රොයේෂියාව සහ එංගලන්තය අතර හෙට (11) රාත්‍රී 11.30 ට පැවැත්විමට නියමීතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 3 =