කෝටි 02ක රත්‍රං සමග ඉන්දීය ජාතිකයෙක් රේගු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි සිට නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අද(11) අත්අඩංගුවට ගෙන ඇත.

30 හැවිරිදි සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී මෙම රත්‍රන් තොගය සොයා ගෙන තිබේ. ඒවායේ බර කිලෝ 03කට අධික බව රේගු නිලධාරීන් සදහන් කළේය.

ගුවන් තොටුපොළ රේගුව මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *