ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඊයේ(10) රාත්‍රී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.

මියයන විට හේමන්ත වර්ණකුලසූරිය මහතා 74 වෙනි වියෙහි පසුවිය.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක නඩු රාශියකට පෙනී සිටීම නිසා බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක් වූ වර්ණකුලසූරිය මහතා කලා රසිකයෙකු ලෙසද සමාජයේ ප්‍රකටව සිටියේය.

දිවංගත ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ නැගණියක හා ජනප්‍රිය ගුවන්විදුලි ශිල්පිණියක වන අයිරාංගනී වර්ණකුලසූරිය මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතාගේ දියණිය වන මිහිරි වර්ණකුසුරිය මහත්මිය විවාහ වී සිටිනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමඟය.

දේහය අද කොළඹ 10 නොරිස් කැනල් පාරේ පිහිටි වර්ණකුලසූරිය මහතාගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *