අඩු මිලට වැලි ලබාදීමේ වෙළෙදපොලක්

(කොළඹ, ලංකාපුවත්) – අඩු මිලට වැලි ලබාදීමේ වෙළෙද පොලක් ලබන මස අරඹන බව භූවිද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය ප‍වසයි.

ඉදිකිරිම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය වැලි මිල වැඩිවී ඇති බැවින් එය පාලනය ව්‍යාපෘතියේ අරමුණ වේ.

දැනට වෙළෙද පොලේ රුපියල් දහඅට දහසක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් පන්දහසක් අඩුවෙන් ලබාදීම මෙහි සැලසුම වේ.

ගම්පහ වැරැල්ලවත්ත කාර්යාල පරිශ‍්‍රයෙන් මෙලෙස සහන මිලට වැලි ලබාගත හැකි බව භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *