ආසියාවේ හොඳම ගමනාන්ත අතරට ආරුගම්බේ එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරට ශ්‍රී ලංකාවේ ආරුගම්බේ නම්කර තිබේ. ඒ ලෝන්ලි ප්ලැනට් නමැති ලෝක ප්‍රකට සඟරාව විසිනි.

ලෝන්ලි ප්ලැනට් සගරාවට අනුව හොඳම සංචාරක ගමනාන්ත අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ දකුණු කොරියාවේ බසන් නගරයට ය. එහි 7 වන ස්ථානයට නේපාලයේ ලුම්බිණිය නම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලෝකය පුරා ප්‍රචලිත වීම සඳහා ආරුගම්බේ වැනි සුන්දර ස්ථාන හේතුවකි.

පසුගිය වසරට සාපේක්‍ෂව මේ දක්වා ලොව පුරා සංචාරකයින් මෙරටට පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙවැනි ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සෘජු බලපෑමක් ඇති කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 17 =