(කොළඹ, ලංකාපුවත්) – මෙරටට ටින් මාළු ආනයනය කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
චීනයෙන් ආනයනය කළ ටින් මාළු පිළිබද පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආනයනික ටින් මාළු තොග ඇතුළත් කන්ටේනර් අසූවක් පරීක්ෂා කිරීමෙන් පසු නිසි ප්‍රමිතියට නොමැති වීමෙන් ආපසු හරවා යැවූ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආදාළ ආයතන කිහිපයක නියෝජිතයන් සහභාගී විය.
චීනයෙන් ආනයනය කර ඇති ටින් මාළු සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලුව පිළිබද සොයා බැලීමට දූත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. මෙරට විශේෂ නිලධාරී කණ්ඩායමක් ද චීනයට යැවීමට තීරණය කර තිබේ.
දේශීය පරිභෝජනය සදහා ගුණාත්මකබවින් යුත් ප්‍රමිතියෙන් ඉහළ ටින් මාළු සැපයීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.