තිරසර සංවර්ධනයට සියලු පියවර ගෙන ඇති බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ(11) මේ බව සදහන් කළේය.

දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම මෙවර කතානායකවරුන්ගේ සමුළුවේ තේමාව ය.

කතානායක කරු ජයසූරිය මහතා සමුළුවට පැමිණි දකුණු ආසියා රටවල කතානායකවරුන් මෙහිදී ගෞරවාන්විතව පළිගනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද කියා සිටියේය,

“අපේ කලාපයේ රටවල තිරසර සංවර්ධනයට ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් සොයාගෙන තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට මෙයයි අද අපිට තියෙන අභියෝගය. ආර්ථික දියුණුව කරා ළඟාවීමට තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන් සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තීන් එකට ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ අපේ රජය බලයට පැමිණි පසු ප්‍රමුඛත්වය ලබාදුන්නේ තිරසර සංවර්ධන ඉලක්කයන් වෙතයි. අපි එය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කළා. එහි ප්‍රධාන කාර්යභාරය පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල හොඳ නීති පවතිනවා. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම ඉතා බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා අපි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස්කර නීති සකස් කළා. රජය බොහෝ ක්ෂේත්‍රයන් තුළ ක්‍රියාකාරී වී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය ගත හොත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මකයි. එමගින් අධ්‍යාපනය ශක්තිමත් වෙනවා. ඒ වගේම සියලුම පාසල් ශිෂ්‍යන්ට රක්ෂණයක් ලබාදී තිබෙනවා. අපේ රජය නිවාස ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යනවා. ඒ උදා ගම්මාන වැනි වැඩසටහන් තුළින්. ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් හට ණය ලබාදීම ආරම්භකර තිබෙනවා. ඒ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා. ගම්පෙරළිය වැනි වැඩසටහන් ආරම්භකර ගම්මාන සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + fifteen =