දිනේෂ්, හතුරුසිංහට හා ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පිටියට පැමිණීමට ප්‍රමාද කිරීමේ වරදට ශ්‍රි ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ.

මෙම ටෙස්ට් තරගයේ පිටියට පැමිණීමට ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් මූලස්ථානයේ දී ඊයේ(11) ප්‍රශ්න කිරීම් සිදුවිය. එහි දී තීරණය වී ඇත්තේ, එම වරදට චන්දිමාල්, චන්දික හතුරුසිංහ හා අසංක ගුරුසිංහ වැරදිකරුවන් බවය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00ට ආරම්භ වූ මෙම ප්‍රශ්න කිරීම් පැය 5කට ආසන්න කාලයක් පැවති බව වාර්තා වේ.

මෙම තරග දෙකේ තහනම අනූව අද ආරම්භ වන ශ්‍රි ලංකා හා දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට හා දෙවැනි තරගයට ඔවුන්ට සහභාගී වීමට නොහැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *