ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ නායකත්වය සුරංග ලක්මාල්ට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නායකත්වය සඳහා සුරංග ලක්මාල් නම්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දිනේෂ චන්දිමාල්ට තරග දෙකක තහනමක් පැනවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය උපනායක සුරංග ලක්මාල්ව ඒ අනූව නායකත්වයට පත්කර ඇත.

ප්‍රථම තරගය වෙනුවෙන් උප නායක ලෙස කුසල් මෙන්ඩිස්ව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ප්‍රථම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eight =