අමෙරිකා ජනපතිට එරෙහිව රියදුරු නඩු දමයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ හිටපු පුද්ගලික රියදුරු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා ඇත.

නොයෙල් සින්ට්රොන් වන මොහු වසර 25 කට අධික කාලයක් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පුද්ගලික රියදුරු ලෙස කටයුතු කර තිබේ.

ඔහුට පැය තුන්දහස් තුන්සියයක් සඳහා අතිකාල දීමනාවක් නොගෙවීම හේතුවෙන් අමෙරිකා ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත. වසර 06ක අතිකාල මේ තුළ අයත්වන බව සදහන් ය.

තව ද ඔහු පවසන්නේ වසර 15 ක් තුළ දෙවරක් පමණක් ගෙවීම් වැඩි කළ බවය. එනම් වසර 2003 දී ඩොලර් 62,700සිට ඩොලර් 68,000 දක්වාත් පසුව ඩොලර් දස ලක්‍ෂ 75,000ක් දක්වාත් වැඩි කර ඇති බව දැක්වේ.

ඔහු සතියකට පැය 55 ක් සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *