තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ තාම් ලුවාන් ලෙන කෞතුකාගාරයක් බවට පත්කිරිමට බලධාරින් සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

පාපන්දු කණ්ඩායමේ ළමුන් 12දෙනා සහ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම එහි ප‍්‍රදර්ශනය කිරිම සැලැස්මකි.

මෙම ලෙන පිලිබද චිත‍්‍රපට නිෂ්පාදකයන්ගේ ද අවධානය යොමුවුණ ඇති බව සදහන් ය.

දැනටමත් සමාගම් දෙකක් ඒ පිලිබද විමසා ඇති බව තායිලන්ත බලධාරීන් පවසා තිබේ.

සති දෙකකට වැඩි කාලයක් ලෙනේ සිරව සිටි පාපන්දු කණ්ඩායම බේරාගැනීම ලෝකයම අවධානය යොමුවූ මෙහෙයුමක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේවන විට අදාළ පාපන්දු කණ්ඩායමේ දරුවන නිරෝධායන තුළ රඳවා ඇති නමුත් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය සහ මානසික තත්ත්වය යහපත් මට්ටමක පවතින විඩියෝවක් ද මේවන විට නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *