කයිරෝ ගුවන් තොටුපල අසල පිපිරිමක්

(කොළඹ, ලංකාපුවත්) –කයිරෝ ගුවන් තොටුපල ආසන්නයේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 12 දෙනෙක් තුවාල ලබා ඇත.

අසල තිබු ඉන්ධන ගබඩාවක් මෙලෙස පිපිරිමට ලක්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

එමගින් ගුවන් ගමන් වලට කිසිදු බාධාවක් නැතැයි කයිරෝ බලධාරින් ප‍්‍රකාශ කර ඇතැයි සදහන් ය.

කෙසේ නමුත් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බව සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඊජිප්තු ගුවන් සේවා අමාත්‍ය යුනිස් අල් මස්රි සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *