බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි 13 වන මහලේ පැවති නව සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය ද සනිටුහන් කළේය.

බස්නාහිර පළාත් සභාවේ සියලූ අමාත්‍යාංශ සහ ආයතන එකම ගොඩනැගිල්ලක් යටතට ගෙන එමින් පුථල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීමේ අරමුණින් සියලූ පහසුකම්වලින් සහ නවීන තාක්ෂණයෙන් සමන්විතව මම නව ගොඩනැගිලි සංකීර්ණය ස්ථාපිත කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බස්නාහිර පළාත් ලේකම් ප්‍රදීප් යසරත් යන මහත්ම මහත්මීන් ඇතුථ බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් සහ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *