තියුණු ආයුධයකින් පහර දී සංවර්ධන නිළධාරියෙකු මරා දමයි

(කොළඹ, ලංකාපුවත්) – අඟුරුවාතොට, යාලහංදිය, වේරවත්ත ප්‍රදේශයේදී සංවර්ධන නිළධාරියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

අද(16) අළුයම 03.50ට පමණ නාදුනන පිරිසක් විසින් අදාල ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි සංවර්ධන නිලධාරියෙකි.

මෘත ශරිරය මේ වන විට හොරණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කළේය.

අගුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − seven =