මරණ දඬුවම් නියම වු 18කගේ නම් අධිකරණය අමාත්‍යංශයට

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වූ රැදවියන්ගේ 18 කගේ නම් ලැයිස්තුව අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

මේ අතර වදක තනතුර සදහා ඉල්ලුම් පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වූ රැදවියන් 18ගේ නම් ලැයිස්තුව පිළිබඳව එම අමාත්‍යාංශය විසින් අධීක්ෂණයක් සිදු කිරිමට සුදානම් වන බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එම නම් ලයිස්තුවේ සිටින සැම රැඳවියෙකුම සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබඳව නැවත අධික්ෂණයක් සිදු කරන අතර ඔවුන් අභියාචනා ඉදිරිපත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද කරුණු විමසීමට අපේක්‍ෂිතය

කෙසේ වෙතත් මෙම නම් සයිස්තුවේ විදේශිකයන් දෙදෙනෙකුගේද නම් ඇතුලත් වි ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *