මුහුදු ගිය ධීවරයෙක් යාත්‍රාව පෙරලී අතුරුදහන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මසුන් ඇල්ලීම සදහා ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය සිව් දෙනෙකු රළ පහරකට හසුවී යාත්‍රාව පෙරළිමෙන් එක් අයෙක් අතුරුදන්ව ඇත.

ඉකුත් 14වනදා සවස 04.00ට පමණ මෝදර වරායෙන් මසුන් ඇල්ලීම සදහා ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය සිව් දෙනෙකු යළි ඊයේ(15) පැමිණීමේ දී මෝදර තුඩුව ආසන්නයේ දී මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට එගොඩඋයන පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ පරගස්තොට පදිංචි අයෙකි.

පොලිසිය හා නාවික හමුදාව එක්ව අතුරුදහන් පුද්ගලයා සෙවීමේ කටයුතු සිදු කරනු ලැබේ. එගොඩඋයන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *