ඉදිරි අයවැයට මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ යෝජනා කිහිපයක්

(කොළඹ, ලංකාපුවත්) –මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධ යෝජනා කිහිපයක් ඉදිරි අයවැය සදහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

2025 වන විට අධ්‍යාපනය සදහා වැය කරන මුදල 6 %කින් ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනයේ යෝජනා භාර දුන් අවස්ථාවේ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළේය.

බුද්ධි වර්ධනය තුළින් අනාගතය ගොඩනැගීම මැයෙන් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබද රැස්වීමේදී මෙම යෝජනා භාර දීම සිදුකෙරුණි. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ්වඩ් මෙල්හුයිෂ් මහතා හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපිය අධ්‍යක්‍ෂිකා ජීන් ගෞහ් මහත්මිය ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අචහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ ද පැවසීය,

“2019 අයවැය යෝජනා වෙනුවෙන් ඉදිරිපත් වූ මෙම යෝජනා පිළිබඳ සලකා බලා මින් බහුතරය නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය යෝජනාවට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. මුල් ළමාවිය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම මගින් ළමයින්ට ඔවුන්ගේ හැකියාව සාක්‍ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. එය රටේ ආර්ථික වර්ධනය සඳහා වඩාත් ඉවහල් වෙනවා. 2025 වසර වන විට අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් ප්‍රමාණය 6 %කින් ඉහළ දැමීමටත් බලාපොරොත්තු වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + eighteen =