කුඩා දරුවෙක් කෘෘරත්වයට පත් කිරීමේ සිද්ධියට 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනක පුද්ගල කණ්ඩායමක් මාස 13ක කුඩා දරුවෙකුට බීර බෝතලයකින් යම් ද්‍රව්‍යයක් පොවන දර්ශනයක් සමාජ ජාල මාධ්‍ය තුල හුවමාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයුන්දර මහතාගේ අවධානය යොමු තිබුණි.

ඒ අනුව මීගලෑව පොලිසිය විසින් මෙම සිද්ධිය අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනුරාධපුර – මීගලෑව – ගනන්ගමුව ප්‍රදේශයේ පසුගිය 14වනදා මෙම සිද්ධිය මෙම සිද්ධිය සිදුව ඇත. ඊයේ(16) දිනයේ දී අදාළ කුඩා පිරිමි දරුවාව අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර 1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 30 අ වගන්තිය යටතේ වූ ළමයින් කෘෘරත්වයට භාජනය කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ දරුවාගේ පියා ඇතුළු සිව් දෙනෙකු අද(17) මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාර පියා වයස අවුරුදු 40ක අයෙකි. සෙසු සැකකරුවන් අවුරුදු 23, 38 සහ 50 වයස්වල පසුවේ.

මෙම සැකකරුවන් සිව්දෙනා හෙට(18) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *