හිටපු ජනපති මහින්ද ගැන නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්වේ විවාදය ලබන බ්‍රහස්පතින්දා

(කොළඹ, ලංකාපුවත්) – නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් බ්‍රහස්පතින්දා පැවැත්වීමට ඊයේ(16) රැස්වූ පක්‍ෂ නායකයින් එකඟ වී තිබේ.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 7 දක්වා මෙම විවාදය පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.

2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7.3ක මුදලක් චයිනා හාබර් සමාගමෙන් පිරිනැමූ බව, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා අනාවරණය කළේය.

ඒ අනුව මෙම අනාවරණය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට පසුගියදා යෝජනා කරනු ලැබීය. ඒ අනුව, අද රැස්වූ පක්‍ෂ නායක හමුවේදී සභාව කල්තැබීමේ විවාදය බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 4 =