ඇමති මංගල කණගාටුව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී මරණ දණ්ඩනය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී යම් පාර්ශවයකට යම් හිත් රිදවීමක් ඇති වුණේ නම් ඒ පිළිබඳ බලවත් කණගාටුව පළ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පුන්‍යායතන හා වෙනත් සමාජ සුබ සාධන ආයතනවල ඉහළ තනතුරුවලට සම්බන්ධ වෙමින් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය දූෂිත ක්‍රියා වසන් කර ගැනීමට උත්සාහ කරන බව තමන් එම පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළ බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහිදී තමන් අතින් රොටරි සමාජයේ හා සිංහ සමාජයේ නම් ද කියවුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි. පුන්‍යායතන, සමාජ සුබසාධන ආයතන ආදියට විවිධ හේතු අනුව පුද්ගලයන් සම්බන්ධ වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබේ.

කෙසේ වෙතත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන උතුම් සේවාවන් කිසිලෙසකවත් පහත් කිරීමේ අරමුණින් සිය ප්‍රකාශය සිදු නොවුණු බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර සිටී.

තම ප්‍රකාශය තුළින් කිසියම් අයෙකුගේ හිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *