එමරල්ඩ් ෆැෂන් නවතම ජැකාර්ඩ් සහ බර්න්අවුට් ෂර්ට් එකතුව එළිදක්වයි

(කොළඹ, ලංකාපුවත්) –තම ගනුදෙනුකරුවන්ගේ විලාසිතා අවශ්‍යතා නව පියවරකට ඔසවා තබනු වස්,අනර්ඝතම නිමැවුම් සඳහා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, සිය නවතම ජැකාර්ඩ් (Jacquard) සහ බර්න්අවුට් (Burnout)ෂර්ට් එකතුව එළිදැක්වීමට පියවර ගෙන ඇත.

සිය නවතම ෂර්ට් එකතුව එළිදක්වමින් එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ෆස්නි අමනුල්ලා මහතා මෙසේ පවසා සිටියේය. “විශේෂිත මුද්‍රණ හා මෝස්තර වලින් යුත් මෙම නවීන විලාසිතා එකතුව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමහා නව්‍යකරණය වූ රෙදිපිලි වල සාම්ප්‍රදායික රසය සුරැකීම සම්බන්ධයෙන් වන අපගේ විශේෂඥතාවයට සාක්ෂි දරයි.”

සාමාන්‍ය විවීමකට සාපේක්ෂව ජැකාර්ඩ් විවීමක දී භාවිතා කරන තාක්ෂණය හේතුවෙන්වඩාත් ස්ථායී, මෘදු, සුවපහසු නිමැවුමක් ලබාගැනීමේ හැකියාව පවතී.ඒ සඳහා භාවිතා වන සුවිශේෂීවූ ස්වයංක්‍රීය ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ සෑම නූල් පටකම ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් වන අතර එහිදී යොදාගැනෙන හිතකර වර්ණ රැඳවුම් හේතුවෙන් ඩයි කිරීමේ හෝමුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් දඇති නොවේ.මේ අතර බර්න්අවුට් නිමැවුමක් යනු මිල අධික ව්‍යූහාත්මක ක්‍රියාවලියක ප්‍රථිඵලයක් වන අතරඑමගින් වර්තමාන විලාසිතා ප්‍රවණතාවන්ට අනුකූල වූ නව්‍ය මෝස්තර සහනවීන තාක්ෂණය යන දෙකෙහි අද්විතීය එකතුවක්එළිදැක්වේ.

ඉතා මිල අධික රෙදි වර්ග දෙකක සංයුතියෙන් එළි දැක්වුණු මෙම එකතුව එමරල්ඩ් පාරිභෝගික ඔබට සැපයෙන්නේ රු. 1995 – 2995 අතර ඉතා අඩු මිලකටය.මෙම ෂර්ට් එකතුව Shirtworksප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන්ගෙන්ස්ලිම් ෆිට්, රෙගියුලර් ෆිට්, අත් දිග සහ අත් කොට යන සියළු ආකාරයෙන්මිල දී ගැනීමේ හැකියාව පවතී.

දශක 6ක් පුරාවට ක්ෂේත්‍රයේ නම රැන්දූ එමරල්ඩ් සමාගමේ විශ්වාසය වන්නේ ශ්‍රී ලංකාවේ මහත්මයන් හට ලැබිය යුත්තේ හොඳම දේ බවයි. ඒ අනුව තම ප්‍රමිතීන්ට අනුකූල ෂර්ට් නිර්මාණය කිරීමේ දී සැමවිටම ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය හා නව්‍යකරණය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වේ. කීර්තිමත් අන්තර්ජාතික මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන අරුන් කුමාර් තිවාරිගේ මගපෙන්වීම යටතේ ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිඑමරල්ඩ් නිෂ්පාදන ඒකක තුල නිමැවෙන ෂර්ට්, ටී-ෂර්ට්, යට ඇඳුම් සහ දිගු කලිසම් ආදීනිෂ්පාදන රැසකි.

Crocodileවැනි කීර්තිමත් ජගත් වෙළඳ නාම නියෝජනය කරන එමරල්ඩ් සමාගම, Shirtworksවෙළඳසැල් සහ රට තුල පුළුල්ව ව්‍යාප්ත වූ තමඅලෙවි ජාලය හරහා ෂර්ට් වෙළෙඳපොළ තුළ නව විලාසිතා ප්‍රවණතා බිහි කරමින් සිටී. නූතන මහත්මයෙකු සතු අංගයක් වශයෙන් එමරල්ඩ් නාමය ප්‍රචලිත කිරීම සඳහා ලොව ප්‍රකට ක්‍රිකට් තරු යුගලයක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සන්නාම තානාපතිවරුන් වශයෙන් එමරල්ඩ් හා එක්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *