(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 05 දා පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා විසින් අද(17) අත්සන් තබා තිබේ.
විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනූෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.