කැසිනෝවලින් ඉපැයූ කෝටි 3ක විදෙස් මුදල් රේගු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් වටිනා අමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33 වයස්වල පසුවන අතර, නේපාල ජාතිකයන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන බව සඳහන්ය.

මොවුන් අද අලුයම 5.40 ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ගුවන් යානයකට ගොඩවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන්ගේ ගමන් මලු තුළ සහ ඇද සිටි කළිසම්වල සාක්කු තුළ මෙම ඇමෙරිකානු ඩොලර් 169,900 සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිව් දෙනා ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව සඳහා පැමිණ, එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *