චන්දිමාල්, හතුරු සහ ගුරුට අයිසීසී යේ දඬුවම් දැඩි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 04 ක තහනමක්ද පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

කොදෙව් කණ්ඩායම හා පසුගියදා ශාන්ත ලුසියා හි පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකක් පමණ පිටියට නොපැමිණ සිය විරෝධය දැක්විමෙන් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් ක්‍රීඩා නොකිරීමේ චෝදනා යටතේ මෙම දඬුවම් නියම කර තිබේ.

මේ පිළිබඳව පසුගිය 11 දා විභාග කිරීම් පැවැති අතර එහිදී චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ වරද පිළිගැනිම හේතුවෙන් ඔවුනට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවුනු හෙයින් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි විම අහිමි විය.

ඒ අනුව ඔවුන් තිදෙනා දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරග 05 න් පළමු එක්දින තරග හතරට ක්‍රීඩා නොකරනු ඇත.

මීට අමතරව ඔවුන්ට සෘණාත්මක ලකුණු 6 බැගින්ද ලබාදුන් බව එම කවුන්සිලය වැඩි දුරටත් නිවේදනය කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *