සංවර්ධන නිලධාරියාගේ ඝාතනයට ග්‍රාමනිලධාරිනියක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අගුරුවාතොට ප්‍රදේශයේ පිහිටි නවාතැන් පලකදී දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අදාළ සැකකාරිය වයස අවුරුදු 31ක් වූ දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනියක් බවය.

ඇයව අද(17) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මනුෂ්‍ය ඝාතනය අනියම් සම්බන්ධතායක් හේතුවෙන් සිදු කර ඇති බවට පොලිසිය සිදු කර ඇති විමර්ශණවලදී අනාවරණය වී ඇත.

ඊයේ(16) අලුයම 3.50ට පමණ අගුරුවාතොට, යාලහංදිය, වේරවත්ත ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළ දී වයස අවුරුදු 35ක් වූ අදාළ සංවර්ධන නිලධාරියාව ඝාතනය කර තිබියදී හමුවිය. ඔහු බෝම්ඹුවල පදිංචි උපුල් රංජිත් නැමැති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *