ක්‍රීඩා ඇමති කණස්සල්ලෙන්

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කිරිම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංග යන මහත්වරුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වැරදිකරුවන් බවට පත්කිරීමට ගත තීරණය පිළිබඳව දැනට විදේශගතව සිටින පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රීඩාවේ ජිවගුණයට හානිකිරිමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංග හට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය වෙනුවෙන් එකී ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු දෙනා අදාල චෝදනා සඳහා නිවරදිකරුවන් බවට කරුණු දැක්වීමට අප විසින් ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් වියර්ථ වී ඔවුන් සියලු දෙනාම විමර්ශනය සිදු කල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධිකරණය කොමසාරිස්වරයා විසින් වැරදිකරුවන් බවට පත්කිරීමට තීරණය කිරීම පිළිබඳව මා මහත් සිත් තැවුලට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය සතු සහ සාමාජික වගකීම් පිළිබද පුර්ණ අවබෝධයකින් සහ වගකීමකින් යුතුව කටයුතු කරන සාමාජික රටක් වන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උක්ත තීරණය පිළිගැනීමට බැඳී සිටින අතර එම තීරණයට කොන්දේසි විරහිතව අවනත වී කටයුතු කරන බව දන්වා සිටිමි.

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලියකු වශයෙන් දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා ඇති බෝලය පලුදු කිරීම සම්බන්ධයෙන් වන නීතින් හි අඬුලුහුඩුකම් බෙහෙවින් නිරීක්ෂණය වන අතර නැවත වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වුත්, පරිපුර්ණ වුත් ක්‍රියාමාර්ග මාලාවන් සහ වරදවල් නිර්වචනය කරමින් එම ක්ෂේත්‍රය වඩාත් පලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

තවද, අවශ්‍ය සියලුම අවස්ථාවන් හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් හට මාගේ පුර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව මා අවධාරණය කර සිටින අතර සියලු ජාතින්ද එක්ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෙනුවන් සිය සහයෝගය පලකිරීමට පෙළගැසෙන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *