ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනෙක්ට මරණීය දණ්ඩනය

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

අමල් ඉන්දික සහ ධර්මසීලන් ප්‍රේමසීලන් යන විත්තිකරුවන් දෙදෙනාට මෙසේ දඬුවම් නියම වුණි.

ධර්ම සීලන් නමැති විත්තිකරු, අධිකරණය මගහැර සිටින අතර ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන මෙන්ද මහාධිකරණ විනිසුරු නියෝග කළේය.

1998 වසරේ බොරැල්ලේ සිදුවූ අපරාධයක් පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, නිදා සිටි රත්නසිරි ගීගනගේ නැමැති අයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරිමේ චෝදනාව මත නීතිපති විසින් විත්තිකරුවන් දෙනෙකුට නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ තින්දුව වුයේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මේ අතර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.93 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි බෙනඩික්ට් විජයබාස්කරන්ට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =