ට්‍රම්ප් මතය වෙනස් කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය ගැන අමෙරිකා බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.

රුසියාව ඊට මැදිහත් වූ බවයි බුද්ධි අංශ පෙන්වා දී තිබුණි.

එභෙත් රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ පැවති සාකච්ඡාවේදී බුද්ධි අංශ හෙළි කළ තොරතුරු ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කර තිබුනි. කෙසේ වෙතත් තමන් පළ කළ අදහස් මඟින් වැරදි අර්ථකථනයක් ඉස්මතු වී ඇති බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසා ඇත.

නායක හමුවෙන් අනතුරුව අමෙරිකා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මත සම්බන්ධයෙන් විවිධ විරෝධතා එල්ලවිය. කොංග‍්‍රස් සාමාජිකයන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරින් ද ඊට අයත් වේ.

රුසියාව සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගැනිමට තිබූ අවස්ථාව මඟහැරුණු බව ඔවුන් සඳහන් කළේය.

කෙසේ වෙතත් උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. සාකච්ඡා අතිශයින් සාර්ථක වූ බව දෙරටේම නායකයන් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් අමෙරිකා ජනාධිපතිවරයාගේ විවිධ මත හේතුවෙන් විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළු මතුවන බවයිජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =