දරුවාට මත්පැන් පෙවූ පියා ඇතුළු 04ක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා දරුවෙකු කෘෘරත්වයට භාජනය කිරීමේ වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද(18) නියෝග කළේය.

ඒ සැකකරුවන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

1995 අංක 22 දරණ පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 30 (අ) වගන්තිය යටතේ වූ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද යටතේ, දරුවාගේ පියා ඇතුළු සිව් දෙනෙකු ඊයේ (17) මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

පසුගිය දිනක පුද්ගල කණ්ඩායමක් මාස 13ක කුඩා දරුවෙකුට බීර බෝතලයකින් යම් ද්‍රව්‍යයක් පොවන දර්ශනයක් සමාජ ජාල මාධ්‍ය තුල හුවමාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයුන්දර මහතාගේ අවධානය යොමු වීමත් සමග මීගලෑව පොලිසිය විසින් සිද්ධියට අදාළ තොරතුරු අනාවරණය කර ගැනුණි.

අනතුරුව කුඩා පිරිමි දරුවාව අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =