පැරණිතම පාන් ගැන සාක්ෂි සොයා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ලොව පැරණිතම පාන් වර්ගයක් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

පැරණි කැණීම් සිදු කරන ලද ස්ථානයකින් හමුවූ පුළුස්සන ලද එම පාන්, වසර 14,400කට පෙර භාවිත කරන ලද්දක් බව පුරාවිද්‍යාඥයින් සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය සදහන් කර ඇත.

මෙම පාන් සොයාගෙන ඇත්තේ ඊසානදිග ජෝර්දානයේ බ්ලැක් ඩෙසට් කාන්තාරයෙනි.

දඩයම් සහ ගඩාගෙඩි ආහාරයට ගත් අවධි අතහැර, මිනිසා ස්ථාවර කෘෂිකාර්මික රටාවකට යොමු වූයේ මීට වසර දස දහසකට පමණ පෙර බව නිගමනය කෙරේ. මෙම පාන් මිනිසා කෘෂිකර්මාන්තය ආරම්භ කළ අවධියට වඩා වසර 5,000ක් පැරණි බව පුරාවිද්‍යාඥයින් පවසයි.

ඒ අනූව ආදි මානවයා, කැලෑ ධාන්‍ය යොදා ගනිමින් පාන් නිෂ්පාදනය කිරීමෙන් කෘෂිකාර්මික විප්ලවයකට මගපෑදූ බව පුරාවිද්‍යා විශ්ලේෂකයන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − seven =