සුරා අපරාධකරුවන් 25,214ක් ගතවූ මාස 06 තුළ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ ගතවූ මාස 06 තුළ සුරා අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 25,214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.

සුරාබදු නිළධාරීන් දහසකට ආසන්න පිරිසක් සිදුකළ වැටලීම්වලදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර නීති වීරෝධී ලෙස මධ්‍යසාර ස්ප්‍රීතු නිපදවීම හා නීති විරෝධී ලෙස අළෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 19,145 දෙනෙකු වන බව සඳහන් වේ.

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 3081 දෙනෙකු හා දුම්කොල අපරාධවලට සම්බන්ධ 3463 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම සුරාබදු බලපත්‍රලාභී ස්ථානවල සිදුවූ වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් පසුගිය වරට සාපේක්ෂව එම අක්‍රමිකතා වාර්තා වීම අවම මට්ටමක පැවතීම සුවිශේෂි තත්ත්වයක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =