මීයන්මඩු වැවේ ඔරුවක් පෙරලී අයෙක් අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) –වාලච්චේන, මීයන්මඩු වැවේ ඔරුවකින් ධිවර කටයුතු සදහා ගිය පුද්ගලයින් තිදෙනෙකු ඔරුව පෙරළී ඉන් එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඊයේ(17) පෙරවරු 06.00ට පමණ මෙම සිදුව ඇත.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වූ මීයන්මඩු, කුඩුම්ඹිමලේ පදිංචි කන්දසාමි පුෂ්පරාජා නැමැති අයෙකි.

ඔහුව සෙවීමේ කටයුතු මේවන විට වාලච්චේන පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *