සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස බී.ජී.එස් ගුණතිලක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කර ඇත.

නව ලේකම්වරිය වැඩ බාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (18) සිදු විය.

හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් උද්භිද විද්‍යා විශේෂවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියත් ලබාගත් ගුණතිලක මහත්මිය ගුරු වෘත්තීයට පිවිස ඇත.

ඉන් පසු 1987 වසරේ දී රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ ඇය කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ධූරයට පත් විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, කළුතර ප්‍රාදේශීය ලේකම් ධූරය, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ධූරය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය ද හොඹවා ඇති ගුණතිලක මහත්මිය 2016 වසරේ සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන තනතුරේ වැඩ බාරගන්නා ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක සුගතදාස මහතා ඊයේ (17) විශ්‍රාම ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *