කොළඹ අවට පැය 09ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට (20) රාත්‍රී 9.00 සිට පසුදින සෙනුරාදා (21) උදෑසන 6.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලය කැපේ.

ඒ අනූව, බේස්ලයින් පාරේ කැළණි පාලම හන්දිය සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය, ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ සියලු අතුරුමාර්ග, කොළඹ 13, 14 සහ 15 ජල සැපයුම අත්හිටුවේ. මීට අමතරව පිටකොටුව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *